NSW හි Catholic Schools ආයතනයේ හිටපු ප්‍රධානී Dallas McInerney, NSW Liberal පක්ෂයේ අභ්‍යන්තර කණ්ඩායමක් වන 'Reformers' වෙනුවෙන් Angus Taylor ගෙන් ඩොලර් 10,000 ක් බලහත්කාරයෙන් ලබාගැනීමට උත්සාහ කළ බවට නැගුණු චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
NSW ස්වාධීන දූෂණ විරෝධී කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු පැවසුවේ, ඉදිරි අභ්‍යන්තර මැතිවරණ සහ ප්‍රචාරක කටයුතු සඳහා සහාය ඉල්ලා සිටීමට අදහස් කළ බවත්, එම පණිවිඩයේ සඳහන් "shakedown" යන්න සාමාන්‍ය භාවිතයේ යෙදුමක් මිස නරක අදහසකින් භාවිතා නොකළ බවත්ය.
කෙසේ වෙතත්, නීතිවිරෝධී අරමුදල් ලබාගැනීමේ මෙම පරීක්ෂණය සම්බන්ධයෙන් Angus Taylor ට කිසිදු චෝදනාවක් එල්ල වී නොමැති අතර, ඔහු කිසිදු මුදලක් ලබාදී නොමැති බවද තහවුරු කර තිබෙනවා.


