


ඕස්ට්‍රේලියාව තුළ විදුලි මෝටර් රථ අලෙවිය දෙගුණයකින් ඉහළ ගොස් ඇති අතර, මේ වන විට අලුතින් අලෙවි වන වාහන හතරකින් එකක්ම විදුලි මෝටර් රථයක් වන බව Electric Vehicle Council (EVC) වාර්තාවක් හෙළි කරනවා.
AusCey TV News Editorial Panel ·

සිඩ්නි ගුවන් තොටුපළෙහි ධාවන පථ ආශ්‍රිතව අනතුරුදායක ලෙස ගුවන්යානා එකිනෙක ගැටීමට ආසන්නවීම් සහ අවසරයකින් තොරව ධාවන පථයට ඇතුළු වීම්,ඕස්ට්‍රේලියානු ජාතික සාමාන්‍ය අගයට වඩා 20%කින් ඉහළ ගොස් ඇති බවට හෙළි වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

එළඹෙන දීර්ඝ සතිඅන්තයේදී ගමනාගමනයේ යෙදෙන රථවාහන රියදුරන්ට, පිරවුම්හල්වලින් අධික ලෙස මුදල් අය කිරීම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස බලධාරීන් දැනුම් දෙනවා.
AusCey TV News Editorial Panel ·

ලබන ඔක්තෝබර් 1 වනදා සිට ඕස්ට්‍රේලියානු මහ බැංකුවේ නව තීරණයකට අනුව ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම් සඳහා පාරිභෝගිකයින්ගෙන් අමතර ගාස්තු අය කිරීම සම්පූර්ණයෙන්ම අහෝසි කෙරෙනවා.
AusCey TV News Editorial Panel ·

Queensland ප්‍රාන්තයේ ප්‍රථම සයිබර් ආරක්ෂණ උපායමාර්ගය මෙහෙයවන රජයේ දෙපාර්තමේන්තුවක් සයිබර් ප්‍රහාරයකට ලක්වීමෙන්, ඇමෙරිකානු ඩොලර් 800,000කට වැඩි රාජ්‍ය මුදලක් අහිමි වී ඇති බව නවතම වාර්තාවකින් හෙළි වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Queensland හි ගැබිණි මව්වරුන්ගෙන් කුස තුළ සිටින දරුවන්ට Syphilis රෝගය වැළඳීම හේතුවෙන් වසර තුනක් ඇතුළත බිළිඳුන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Australia Day සමරන දිනය වෙනස් කරන ලෙස මධ්‍යම රජයට බලපෑම් කිරීමේ ප්‍රචාරණ වැඩසටහන් නතර කිරීමට City of Melbourne කවුන්සිලය තීරණය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම මත, ඕස්ට්‍රේලියාවේ මහ බැංකුව විසින් මූලික පොලී අනුපාතිකය 4.6% දක්වා ඉහළ නංවා තිබෙනවා. මෙය වසර 15 කට පසුව වාර්තා වූ ඉහළම පොලී අනුපාතිකයයි.
AusCey TV News Editorial Panel ·

Northern NSW හි Gurranang ප්‍රදේශයේ එකම නිවසකින් දින 15ක් ඇතුළත පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු හමුගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 32 හැවිරිදි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියානු රජය විසින් Working Holiday Visa සඳහා හඳුන්වා දී ඇති නව සංශෝධන හේතුවෙන් Far North Queensland කලාපයේ සංචාරක සහ කෘෂිකාර්මික ක්ෂේත්‍ර දැඩි ශ්‍රම හිඟයකට මුහුණ දී සිටින බව වාර්තා වනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ වෙළඳ අමාත්‍යවරයා වන Don Farrell මහතා, ඔස්ට්‍රේලියානු අපනයනකරුවන්ට තර්ජනයක් වී ඇති 12.5%ක බදු ඉහළ නැංවීම සම්බන්ධයෙන් සෘජුව කරුණු දැක්වීම සඳහා මෙවර G20 රාජ්‍ය තාන්ත්‍රික සමුළුවට එක්වීමට නියමිතයි
AusCey TV News Editorial PanelU ·