Australia Day සමරන දිනය වෙනස් කරන ලෙස මධ්‍යම රජයට බලපෑම් කිරීමේ ප්‍රචාරණ වැඩසටහන් නතර කිරීමට City of Melbourne කවුන්සිලය තීරණය කර තිබෙනවා.
ජනවාරි 26 වනදා Australia Day ලෙස පිළිගැනීමටත්, එම දිනය වෙනස් කිරීමේ තීරණය ගැනීමේ බලතල පවතින්නේ මධ්‍යම රජයට මිස පළාත් පාලන ආයතනවලට නොවන බවටත් ඊයේ පැවැති කවුන්සිල රැස්වීමේදී යෝජනාවක් සම්මත වුණා. නගරාධිපති Nicholas Reece මහතා සඳහන් කළේ පෞද්ගලිකව මෙම දිනය වෙනස් විය යුතු බවට විශ්වාස කළද, කවුන්සිලයක් ලෙස මධ්‍යම රජයේ තීරණයට ගරු කළ යුතු බවයි.
ඒ අනුව ජනවාරි 26 වනදා පැවැත්වෙන ප්‍රජා උත්සව, පුරවැසිභාවය ලබාදීමේ උත්සව මෙන්ම ආදිවාසී ජනතාවගේ සංස්කෘතික වැඩසටහන් සහ සැමරුම් වෙනදා පරිදිම සංවිධානය කිරීමට City of Melbourne කවුන්සිලය කටයුතු කරනු ඇති.



