ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ බලප්‍රදේශ 6 ක් පුරා පැතිරුණු ඉන්ධන පිරවුම්හල් 100 කට වැඩි ප්‍රමාණයක් එකවර වටලා පරීක්ෂා කිරීමට ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය ඇතුළු ආයතන 15 ක නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
'Operation SHORTHAND' ලෙස නම් කර ඇති මෙම දැවැන්ත මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ, මෙම ඉන්ධන පිරවුම්හල් හරහා නීති විරෝධී ලෙස දුම්කොළ සහ Vapes අලෙවි කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් පවත්වාගෙන යන බවට ලැබුණු තොරතුරු මතයි. Queensland, NSW, ACT, Victoria, South Australia සහ Western Australia යන ප්‍රදේශවල මෙම වැටලීම් සිදුකර තිබෙනවා.
මෙම වැටලීම්වලට ලක්වූ ප්‍රධාන ඉන්ධන පිරවුම්හල් ජාලයක් වන Metro Petroleum ආයතනය පවසන්නේ, මෙම නීති විරෝධී ජාවාරම්වලට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, පරීක්ෂණ සඳහා බලධාරීන්ට පූර්ණ සහය ලබාදෙන බවත්ය.



