ඕස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසින් සිය දරුවන්ට සහ මුණුබුරන්ට දෛනික වියදම් සඳහා වසරකට ඩොලර් බිලියන 140 කට අධික මුල්‍ය සහ සේවා සහයක් ලබාදෙන බව නවතම පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.
"Booster Economy" ලෙස හඳුන්වන මෙම ක්‍රමය මගින් දේපළ උරුමයන් ලබාදීමට මත්තෙන්, මුදලින් මෙන්ම නොමිලේ දරුවන් බලාගැනීම, නිවාස වාරික සහ තැන්පතු ගෙවීමට සහය වීම, එදිනෙදා කෑම බීම, රෙදිපිළි සහ විනෝද ගමන් සඳහා වියදම් කිරීම වැනි ආකාරයෙන් මෙම සහනය හිමිවන බවයි වාර්තා වන්නේ. පවතින අධික ජීවන පිරිවැය සහ නිවාස මිල ගණන් හමුවේ තරුණ පරපුරට තනිව නැගී සිටීමට ඇති අපහසුතාවය මෙලෙස දෙමාපියන් සහ මුතුන්මිත්තන් ජීවත්ව සිටියදීම සිය ධනය ලබාදීමට ප්‍රධාන හේතුව වී තිබෙනවා.
කෙසේ වෙතත්, මෙලෙස පවුලේ අනුග්‍රහය ලබාගැනීමට නොහැකි තරුණයින් සහ මෙවැනි සහයක් නොලබන පවුල් දැඩි ආර්ථික අසමානතාවයකට මුහුණ දීමේ අවදානමක්ද පවතින බවයි ක්ෂේත්රයේ ප්‍රඥාවන්තයින් පෙන්වා දෙන්නේ.



