ඕස්ට්‍රේලියාවේ Migraine රෝගයෙන් පෙළෙන පිරිස මිලියන 4 කට ආසන්න වී ඇති බව නවතම දත්ත වාර්තා පෙන්වා දෙනවා. මෙය මෙරට ජනගහනයෙන් 15% ක පමණ ප්‍රතිශතයක්.

Australian Institute of Health and Welfare (AIHW) ආයතනය විසින් නිකුත් කරන ලද සංශෝධිත දත්තවලට අනුව, මීට පෙර ගණන් බලා තිබූ ප්‍රමාණයට වඩා දෙගුණයකටත් වඩා වැඩි පිරිසක් මෙම තත්ත්වයෙන් පීඩා විඳින බවයි අනාවරණය වී ඇත්තේ. මෙම රෝගීන්ගෙන් වැඩි පිරිසකට නිසි වෛද්‍ය රෝග විනිශ්චයක් ලබා දී නොමැති බවද එම වාර්තාවල සඳහන්.

එරට බහුලවම දක්නට ලැබෙන ස්නායු ආබාධය වන Migraine, පිරිමින්ට වඩා කාන්තාවන් අතර සහ වයස අවුරුදු 25 ත් 55 ත් අතර පිරිස අතර බහුලව දක්නට ලැබෙනවා. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ස්නායු ආබාධ සඳහා රජයේ වැඩි අවධානයක් සහ ප්‍රතිපාදන වෙන්කළ යුතු බවයි සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ.