ඕස්ට්‍රේලියාවේ අනාගත ගොල්ෆ් තරුවක් ලෙස සැලකුණු 18 හැවිරිදි Jessica Bang, Thailand හි Bangkok නුවර රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තරගාවලියකට සහභාගී වීමට සූදානම්ව සිටියදී හදිසියේම ක්ලාන්ත වී ඇදවැටුණු ඇය, මොළයට සිදු වූ රුධිර වහනයක් හේතුවෙන් හදිසි සැත්කමකට භාජනය කෙරුණා. පසුගිය නොවැම්බර් මාසයේදී වෘත්තීය ක්‍රීඩිකාවක ලෙස කරළියට පැමිණි ඇය, මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.

ඇගේ හදිසි වියෝව වෙනුවෙන් Golf NSW ආයතනය ශෝකය පළ කර ඇති අතර, ඇයගේ නික්ම යාම ගොල්ෆ් ක්ෂේත්‍රයට පියවිය නොහැකි පාඩුවක් බවද ඔවුන් සඳහන් කර සිටිනවා.