එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණය සඳහා 18 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක වන Hera Sheppard ඉදිරිපත් වී සිටිනවා.

Warrnambool College හි 11 වසරේ ඉගෙනුම ලබන ඇය, Victorian Socialists පක්ෂය නියෝජනය කරමින් South West Coast ආසනය සඳහා තරග කිරීමටයි සූදානම් වන්නේ. දශක දෙකකට වැඩි කාලයක් Liberal පක්ෂයේ බලකොටුවක් ලෙස පවතින මෙම ආසනය සඳහා ඇය වත්මන් Liberal පාර්ලිමේන්තු මන්ත්‍රී Roma Britnell සමග තරග වදිනු ඇති.

උසස් පෙළ අධ්‍යාපනය සහ McDonald's ආයතනයේ අර්ධකාලීන රැකියාව අතරතුර මෙම මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන Hera Sheppard සඳහන් කරන්නේ, නිවාස අයිතිය, කම්කරු අයිතිවාසිකම් සහ පොදු ප්‍රවාහන පහසුකම් නැංවීම තම ප්‍රධාන අරමුණ බවයි. ඇය ජයග්‍රහණය කළහොත් ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ලාබාලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ලෙස ඉතිහාසයට එක්වනු ඇති.