Adelaide හි Gawler East හි පිහිටි Edge Early Learning ළමාරක්ෂක මධ්‍යස්ථානය 2027 දක්වා වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ, එම මධ්‍යස්ථානයෙන් ලබාදුන් ආහාරයක් හේතුවෙන් අසාත්මිකතාවයකට ලක්වූ දරුවෙකු රෝහල්ගත කිරීමට සිදුවීමේ සිද්ධියක් මුල් කරගනිමින්.
පසුගිය ජූලි 3 වනදා මෙම සිද්ධිය වාර්තා වී ඇත්තේ අදාළ මධ්‍යස්ථානය වෙත ආහාර සපයන පාර්ශවය වෙනස් කිරීමෙන් පසුවයි. එලෙස අලුතින් ගෙන ආ meatballs වල අඩංගු වූ සෝයා සංඝටකයක් හේතුවෙන් අදාළ දරුවාට මෙලෙස බරපතල අසාත්මිකතාවයක් ඇතිවී තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ Education Standards Board ආයතනය සඳහන් කළේ, අදාළ මධ්‍යස්ථානයේ සේවා අනුමැතිය මාස 6 කට අත්හිටුවීමට තීරණය කළ බවයි. ඒ අනුව මෙම මධ්‍යස්ථානය 2027 ජනවාරි 20 වනදා තෙක් නැවත විවෘත කිරීමට අවසර හිමිවන්නේ නැහැ. ආහාර සුරක්ෂිතතාව සහ සැපයුම් කළමනාකරණය සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරගැනීමට මෙම කාලය ලබාදී ඇති බවයි බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ



