NSW හි Bathurst ආසන්නයේදී ඩොලර් 266,000 ක් පමණ වටිනා නීතිවිරෝධී දුම්කොළ සහ Vapes තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි 63 හැවිරිදි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
Bathurst සිට කිලෝමීටර් 20 ක් පමණ නැගෙනහිරින් පිහිටි Walang ප්‍රදේශයේ Great Western Highway හිදී ඊයේ පෙරවරුවේදී අදාළ වෑන් රථය පොලිස් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී වෑන් රථයේ තිබී නීතිවිරෝධී සිගරට් 163,000 ක්, vapes 37 ක් සහ කිලෝග්‍රෑම් 20 කට වැඩි දුම්කොළ තොගයක් සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුට එරෙහිව වාණිජ මට්ටමින් නීතිවිරෝධී දුම්කොළ සහ vape ළඟ තබා ගැනීමේ චෝදනා යටතේ නඩු පවරා ඇති අතර, ඔහුව ලබන ඔක්තෝබර් 28 වනදා Bathurst Local Court අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.



