ඕස්ට්‍රේලියාවේ පැවැති ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය වසන්ත ඍතුව ආරම්භයට පෙර නොසිතූ ලෙස නැවතත් ඉහළ යමින් පවතින බව වාර්තා වනවා.

සැප්තැම්බර් 6 වැනිදායින් අවසන් වූ සති දෙක තුළ පමණක් රට පුරා ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් 31,650 දෙනෙකු වාර්තා වී ඇති අතර, එය ඊට පෙර සති දෙකට වඩා  27.2% ක සැලකිය යුතු ඉහළ යාමක්. මේ වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 130,355 ක්.

රට තුළ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් NSW ප්‍රාන්තයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 65,615 ක්. ඊට අමතරව Queensland ප්‍රාන්තයෙන් රෝගීන් 24,574 ක් සහ Victoria ප්‍රාන්තයෙන් 21,723 ක් වාර්තා වී තිබෙනවා.

Australian Centre for Disease Control (CDC) ආයතනය පෙන්වා දෙන්නේ පාසල් නිවාඩුවෙන් පසු ජනතාව වැඩි වශයෙන් එකමුතු වීම සහ පවතින ශීත කාලගුණය නිසා ජනතාව ගෘහස්ථව කාලය ගත කිරීම මෙම රෝගී තත්ත්වය ව්‍යාප්ත වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි.