ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ෆෙඩරල් මැතිවරණය වසර 4 ක ස්ථාවර කාලසීමාවකට සීමා කිරීම තුළින් රටේ ආර්ථිකයට ඩොලර් බිලියන 93 ක දැවැන්ත වාසියක් ලබාගත හැකි බව පෙන්වා දෙමින් නව වාර්තාවක් නිකුත් කර තිබෙනවා.
‘4 Year Terms’ නමැති සංවිධානය මගින් නිකුත් කළ මෙම වාර්තාවේ සඳහන් වන්නේ, වසර 10 ක් ඇතුළත මැතිවරණ 3 ක් පවත්වනවා වෙනුවට මැතිවරණ 2 ක් පමණක් පැවැත්වීමෙන් මැතිවරණ වියදම්වලින්ම ඩොලර් බිලියන 5 ක් ඉතිරි කරගත හැකි බවයි.
පවතින කෙටි මැතිවරණ කාලසීමාවන් නිසා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ආයෝජනවලට සහ රජයේ නිවැරදි තීරණ ගැනීමට බාධා එල්ල වන බව පෙන්වා දෙන එම සංවිධානය, වසර 4 ක කාලසීමාවක් මගින් රටේ නිෂ්පාදන ධාරිතාවද ඉහළ නැංවිය හැකි බව පවසනවා.
කෙසේ වෙතත්, මෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු අතර, අග්‍රාමාත්‍ය Anthony Albanese පවසන්නේ ඉදිරි ආසන්න කාලයකදී එවැනි ජනමත විචාරණයක් පැවැත්වීමේ අදහසක් නොමැති බවයි.



