Victoria පොලීසියෙහි පවතින 1,500ක පමන නිලධාරී හිඟයට සහ ඉහළ යන අපරාධ රැල්ලට විසඳුමක් ලෙස, විශ්‍රාමික පොලිස් නිලධාරීන් සිය ගණනක් 'reservists' ලෙස නැවත සේවයට බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.
ලිපිකරු කටයුතු, පොලිස් ස්ථානවල මහජන කවුන්ටර පාලනය සහ අධිකරණ සාක්ෂි සූදානම් කිරීම වැනි පරිපාලන රාජකාරි සඳහා මෙම නිලධාරීන් යෙදවීමට නියමිතයි. එමගින් දැනට ක්ෂේත්‍රයේ සිටින නිලධාරීන්ට කාර්යාල කටයුතුවලින් නිදහස් වී අපරාධ මර්දන කටයුතු සඳහා යොමු වීමට අවස්ථාව ලැබෙන බවයි පොලීසියෙහි ප්‍රධාන පොලිස් කොමසාරිස් Mike Bush ප්‍රකාශ කළේ.
මෙම සැලසුම යටතේ නිලධාරීන් 200 දෙනෙකු දෙසැම්බර් වන විටත්, තවත් 200 දෙනෙකු ලබන වසරේ මුලදීත් Metropolitan Melbourne සහ Regional Victoria හි පොලිස් ස්ථාන වෙත අනුයුක්ත කෙරෙනවා.
පසුගිය වසර 5 තුළ Victoria හි ජනගහනය 7%කින් ඉහළ ගියත්, පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 5%කින් පහත වැටී ඇති අතර අපරාධ 10%කින් ඉහළ ගොස් තිබෙනවා. 2028 මැද භාගය වන විට සම්පූර්ණ නිලධාරී හිඟය පියවා ගැනීමට බලාපොරොත්තු වන අතර, ප්‍රාන්ත අගමැති Ben Carroll සහ Police Association හි Wayne Gatt සඳහන් කළේ මහජන ආරක්ෂාව තහවුරු කිරීමට මෙම පියවර ඉතා වැදගත් වන බවයි.



