Nepal සහ Tibet මායිම් ප්‍රදේශයට බලපෑ චණ්ඩ ජල පහරවල් සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 400 ට ආසන්න වී ඇති අතර, අතුරුදහන් වූ 1,500 කට ආසන්න පිරිස අතර ඕස්ට්‍රේලියානුවන් 39 දෙනෙකු ද සිටින බව විදේශ කටයුතු අමාත්‍ය Penny Wong තහවුරු කර තිබෙනවා.
හිමාලය කඳුවැටිය ආශ්‍රිතව සිදුවූ හිම කඩාවැටීමක් හේතුවෙන් ඇති වූ මෙම “ගොඩබිම් සුනාමි” තත්ත්වයෙන් ගම්මාන රැසක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර, අතුරුදහන් වූවන් අතර විදේශීය සංචාරකයින් සහ වන්දනාකරුවන් රැසක් සිටින බවයි වාර්තා වන්නේ. විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා ඕස්ට්‍රේලියානු රජය විසින් ඉදිරි පැය 48 ඇතුළත විශේෂඥ සහන කණ්ඩායමක් Nepal වෙත යැවීමට පියවර ගෙන තිබෙනවා.
මෘතදේහ සෙවීම සඳහා Nepal හමුදාව සහ චීන සහන කණ්ඩායම් මෙහෙයුම් දියත් කර ඇති අතර, සුන්බුන් නිසා සිරවී ඇති ජලය හේතුවෙන් ඉදිරියේදී තවත් ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට ද බලධාරීන් අනතුරු අඟවනවා.



