ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදුවන දූෂණ සහ අක්‍රමිකතා සෙවීම සඳහා ස්ථාපිත Taskforce Hawk සහ VIPER Taskforce ඒකක විසින් Wandin East සහ Preston ප්‍රදේශවලදී සිදුකළ වැටලීම් දෙකකදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අඟහරුවාදා උදෑසන සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් 45 හැවිරිදි Wandin East ප්‍රදේශයේ පදිංචිකරුට එරෙහිව හොර රහසේ කොමිස් මුදල් ලබාගනිමින් ඩොලර් 424,000 කට අධික මුදලක් වංචා කිරීම, ව්‍යාජ ලේඛන සැකසීම සහ ඒවා භාවිත කිරීම යන චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු සැප්තැම්බර් 3 වනදා මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම මෙම සිද්ධියට සම්බන්ධ 38 හැවිරිදි Preston ප්‍රදේශයේ පදිංචි අනෙක් පුද්ගලයාද ව්‍යාජ ලේඛන සැකසීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සැම්බර් 4 වනදා Heidelberg Magistrates' Court හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

Victoria පොලිස් බලකාය සඳහන් කරන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම්, අල්ලස් ලබාගැනීම් සහ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා මෙම විශේෂ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.