ඕස්ට්‍රේලියාව සහ New Zealand රාජ්‍යයන් එක්ව ක්‍රියාත්මක කළ දින 5ක විශේෂ මෙහෙයුමකින් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන් 1,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය සැප්තැම්බර් 14 සිට 18 දක්වා ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුමේදී පුද්ගලයන් 1,203 දෙනෙකුට එරෙහිව චෝදනා 3,339ක් ගොනු කිරීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ. මෙහිදී සෝදිසි වරෙන්තු 560ක් ක්‍රියාත්මක කරමින් නීති විරෝධී මත්ද්‍රව්‍ය, ගිනිඅවි 71ක් සහ ඩොලර් මිලියන ගණනක මුදල් සහ දේපළ පොලිස් භාරයට ගෙන තිබෙනවා.
විශේෂයෙන්ම Queensland ප්‍රදේශයෙන් පමණක් පුද්ගලයන් 380 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙරට පැතිර යන Ice, Heroin, Cocaine සහ Cannabis වැනි මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා මෙම මෙහෙයුම දියත් කර තිබෙනවා. සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් සමාජය තුළ ප්රචණ්ඩත්වය සහ අපරාධ ඉහළ යන බවත්, මෙම මෙහෙයුම හරහා එම ජාලයන් රැසක් අඩපණ කිරීමට හැකිවූ බවත් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) සඳහන් කරනවා.



