මෙවර රාජ්‍ය මැතිවරණය ජයග්‍රහණය කළහොත්, මහාමාර්ග ටොල් ගාස්තු සතියකට $50 දක්වා සීමා කිරීමට පියවර ගන්නා බව Victorian Liberal පක්ෂය පොරොන්දු වෙනවා.
මෙම යෝජනාව යටතේ, පුද්ගලික කාර්, සැහැල්ලු වාණිජ වාහන සහ කුඩා ව්‍යාපාරික වාහන හිමියන්ට මාස 3කට වරක් සහන මුදලක් ලෙස වසරකට $2,600ක් දක්වා මුදලක් ඉතිරි කර ගැනීමට අවස්ථාව හිමිවෙනවා. ලබන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් Liberals පක්ෂය ජයගත හොත්, ලබන වසරේ ජූලි1 වනදා සිට වසර 2ක කාලයක් සඳහා මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ජීවන වියදම් අර්බුදයට මුහුණ දී සිටින පවුල්වලට සහ ව්‍යාපාරිකයන්ට මෙමගින් විශාල සහනයක් ලැබෙන බවයි විපක්ෂ නායිකා Jess Wilson සහ මාර්ග කටයුතු පිළිබඳ Shadow Minister Danny O’Brien ප්‍රකාශ කළේ. CityLink, EastLink සහ West Gate Tunnel ඇතුළු Melbourne හි සියලුම ටොල් මාර්ග සඳහා මෙම සහනය අදාළ වන අතර, මේ සඳහා $90 million ක පිරිවැයක් යනු ඇතැයි අපේක්ෂා කරනවා.



