පැසිෆික් කලාපය ඔස්සේ ඕස්ට්‍රේලියාවට Cocaine සහ Methamphetamines වැනි නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ගලා ඒම වැළැක්වීමේ නාවික මෙහෙයුම් සඳහා ඩොලර් මිලියන 600ක අරමුදලක් ලබා දීමට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

Palau හි පැවැත්වෙන Pacific Islands Forum සමුළුවේදී අගමැති Anthony Albanese විසින් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතයි. 2025 වසරේදී පැසිෆික් කලාපයෙන් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ටොන් 5.5ක් සොයාගෙන තිබූ අතර, 2026 වසර වන විට එය ටොන් 17ක් දක්වා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Waga Moana ලෙස නම් කර ඇති මෙම කලාපීය නාවික ආරක්ෂක වැඩසටහන යටතේ ගුවන් නිරීක්ෂණ කටයුතු ප්‍රබල කිරීම, Fiji පොලිසියට මූල්‍ය සහාය ලබා දීම, සහ සංවිධානාත්මක අපරාධ මර්ධනය සඳහා Central සහ South America බලධාරීන් සමඟ Australian Federal පොලීසිය එක්ව කටයුතු කිරීම සිදු කෙරෙනවා.

කලාපයේ සියලු රටවල ආරක්ෂාව වෙනුවෙන් මෙම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සම්පූර්ණයෙන්ම මර්දනය කිරීමට දැමීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවයි අගමැති Anthony Albanese වැඩිදුරටත් අවධාරණය කළේ.