ඕස්ට්‍රේලියාවේ ශීඝ්‍රයෙන් පහළ යන උපත් අනුපාතය සහ වැඩිහිටි ජනගහනය ඉහළ යාමේ අර්බුදයට විසඳුම් සෙවීම සඳහා දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
රජයේ නවතම වාර්තාවන්ට අනුව 2065 වන විට කාන්තාවකගේ සාමාන්‍ය දරු උපත් අනුපාතය 1.34 දක්වා පහත වැටෙනු ඇති බවයි අනාවරණය වන්නේ. මෙම තත්ත්වය හමුවේ දරු උපත් ඉහළ නැංවීම සඳහා දරුවෙකු ප්‍රසූත කරන සෑම මවකටම ඩොලර් 75,000ක මුදලක් ලබාදිය යුතු බවට මන්ත්‍රී Bob Katter යෝජනා කර තිබෙනවා.
කෙසේ වෙතත්, හුදෙක් මුදල් ලබාදීමෙන් පමණක් මෙම ප්‍රශ්නය විසඳිය නොහැකි බවත්, ඊට වඩා පුළුල් පවුල් සුබසාධන වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් ආර්ථික විශේෂඥයන් සහ දේශපාලනඥයන් පෙන්වා දෙනවා. එමෙන්ම, ඕස්ට්‍රේලියාවේ ඉදිරි ශ්‍රම බලකාය සහ වැඩිහිටි ජනගහනය නඩත්තු කිරීම සඳහා විදේශීය සංක්‍රමණිකයන් ලබාගැනීම හෝ දරු උපත් ඉහළ නැංවීම අනිවාර්ය කරුණක් වන බවයි විද්වතුන් අවධාරණය කරන්නේ.



