ඕස්ට්‍රේලියාවේ One Nation පක්ෂය ඉදිරි වසර තුන ඇතුළත මෙරටට පැමිණෙන සංක්‍රමණිකයන් සංඛ්‍යාව 750,000 කින් කැපී පෙනෙන ලෙස සීමා කිරීමේ අලුත් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙම සංශෝධන යටතේ විදේශීය සිසුන් ලබාගන්නා වීසා ප්‍රමාණය වසරකට 100,000 දක්වා සීමා කිරීමට යෝජිතයි. එමෙන්ම, සාමාන්‍ය විදේශීය සිසුන්ගේ සහ නිපුණ සංක්‍රමණිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ට ලබාදෙන වීසා සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට ද යෝජනා කර තිබෙනවා. කෙසේ වෙතත්, විද්‍යාව සහ ඉංජිනේරු වැනි ක්ෂේත්‍රවල ඉහළ කුසලතා සහිත සිසුන් සඳහා විශේෂ වීසා ක්‍රමයක් හඳුන්වා දීමට පක්ෂය සැලසුම් කර තිබෙනවා.
One Nation නායිකා Pauline Hanson සඳහන් කළේ, අධික සංක්‍රමණිකයන් පැමිණීම නිසා ඕස්ට්‍රේලියානු ජාතිකයන්ගේ ජීවන තත්ත්වය පහත වැටී ඇති බවයි.
කෙසේ වෙතත්, ආණ්ඩු පක්ෂයේ ඇමති Murray Watt සහ විපක්ෂ නායක Angus Taylor ඇතුළු ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයින් මෙම යෝජනාව දැඩි ලෙස විවේචනය කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මෙවැනි දැඩි තීරණ නිසා ඕස්ට්‍රේලියාවේ සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර දැඩි අර්බුදයකට ලක්ව සමස්ත ආර්ථිකයම කඩාවැටීමේ අවදානමක් පවතින බවයි.



