Adelaide ගුවන්තොටුපොළ වෙත පැමිණි චීන ජාතිකයෙකුගේ ගමන් මල්ලක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් එකකට ආසන්න ප්‍රමාණයක් සොයාගැනීමට Australian Border Force (ABF) හි විශේෂ නිල සුනඛ කණ්ඩායම සමත්වී තිබෙනවා.
පසුගිය බ්‍රහස්පතින්දා ජාත්‍යන්තර ගුවන් වාරයකින් පැමිණි මෙම 33 හැවිරිදි පුද්ගලයාගේ ගමන් බලපත්‍ර පරික්ෂා කිරීමේදී, ගමන් මල්ලේ ප්ලාස්ටික් බෑගයක සඟවා තිබූ මෙම සුදු පැහැති කුඩු තොගය හමු වූ බවයි බලධාරීන් සඳහන් කළේ.
පසුව සිදුකළ මූලික පරීක්ෂණවලදී එය හෙරොයින් ලෙස තහවුරු වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් Australian Federal පොලිසිය මගින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ජාවාරම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර, වරදකරු වුවහොත් ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.



