ඇඩිලේඩ් නගර මධ්‍යයේදී වාහන දෙකක ගැටීමෙන් බරපතල තුවාල ලැබූ 18 හැවිරිදි තරුණයෙකු රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.
සෙනසුරාදා රාත්‍රී 10.50 ට පමන Hindley වීදියේදී දී පදිකයෙකු අනතුරට ලක්ව ඇති බවට ලද තොරතුරකට අනුව හදිසි සේවා කණ්ඩායම එම ස්ථානයට ගොස් තිබෙනවා.
Greenwith ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා මුලින්ම Toyota sedan වර්ගයේ මෝටර් රථයක ගැටී ඇති අතර, පසුව ඉදිරියට ඇදවැටී ළඟින් ධාවනය වූ Ford 4WD වර්ගයේ වාහනයකත් ගැටී තිබෙනවා.
ස්ථානයට පැමිණි වෛද්‍ය කණ්ඩායම් බරපතල තත්ත්වයේ පසු වූ තරුණයාට මූලික ප්‍රතිකාර ලබා දී වහාම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තත්, රෝහලේදී ඔහු මියගිය බව තහවුරු කෙරුණා.
අනතුරත් සමග පරීක්ෂණ කටයුතු සඳහා Hindley වීදිය වසා දැමුණු අතර, ඉරිදා අලුයම 2.15 ට පමණ එය නැවත විවෘත කිරීමට පියවර ගත්තා.
මේ අනතුර ඇසින් දුටු අයෙක් හෝ CCTV / dashcam දර්ශන සතුව තිබෙන අයෙක් සිටී නම් වහාම Crime Stoppers වෙත තොරතුරු ලබාදෙන ලෙස පොලීසිය ඉල්ලා සිටිනවා.
මෙම මරණයත් සමග මේ වසරේ South Australia මාර්ගවල සිදුවූ රිය අනතුරුවලින් අහිමි වූ ජීවිත ගණන 70 දක්වා ඉහළ ගියා.



