Adelaide හි Angle Vale ප්‍රදේශයේ පිහිටි නිවසක් වටලා, එහි තිබූ විශාල මත්ද්‍රව්‍ය තොගයක්, ගිනිඅවි සහ මුදල් සමඟ 33 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 22 හැවිරිදි කාන්තාවක අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.
අඟහරුවාදා පස්වරුවේ සිදුකළ මෙම හදිසි වැටලීමේදී Methamphetamine 9.2kgක්, Cocaine 3.3kgක්, MDMA 232gක්, ඩොලර් 80,000කට වැඩි මුදලක් සහ Revolver වර්ගයේ ගිනිඅවි 2ක් සොයාගෙන තිබෙනවා.
පොලිස් සෝදිසි කිරීම් සිදුවන අවස්ථාවේදී කුඩා ළමුන් සිව්දෙනෙකුද එම නිවසේ සිට ඇති අතර, ඔවුන්ගේ ආරක්ෂාව සහ ඉදිරි කටයුතු වෙනුවෙන් ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වහාම දැනුම්දීමට පියවර ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, ගිනිඅවි ළඟ තබාගැනීම ඇතුළු චෝදනා රැසක් යටතේ නඩු පවරා ඇති අතර, ඔවුන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



