Adelaide හි suburban ප්රදේශයකදී දුම්රියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. Ascot Park හි Railway Terrace සහ Sixth Avenue ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයකදී අද උදෑසන 7:00 ට පමන මෙම අනතුර සිදුව ඇති අතර, ඒ බව සැලවීමත් සමඟම හදිසි සහන සේවා කණ්ඩායම් එම ස්ථානයට ළඟා වී තිබෙනවා. Mitsubishi වර්ගයේ මෝටර් රථයක් සහ දුම්රියක් මෙලෙස ගැටී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් ජීවිත තර්ජනයක් නොමැති මට්ටමේ තුවාල ලැබූ 26 හැවිරිදි මෝටර් රථයේ රියදුරු වහාම ප්රතිකාර සඳහා රෝහල් ගත කිරීමට South Australia පොලීසිය පියවර ගෙන තිබෙනවා. සිද්ධියෙන් වෙනත් කිසිදු අයෙකුට හානියක් සිදුව නොමැති අතර, ස්ථානයේ පිරිසිදු කිරීම් කටයුතු සිදුකරන බැවින් අදාළ මාර්ගය සහ දුම්රිය මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා. මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මේ වන විටත් ක්රියාත්මකයි.



