Afghanistan යුද්ධය පිළිබඳ රහස් ආරක්ෂක ලේඛන මාධ්‍යයට ලබාදීමේ චෝදනාවට සිරගත කර සිටි හිටපු ඕස්ට්‍රේලියානු හමුදා නීතිඥ David McBride, කොන්දේසි සහිත ඇප මත Canberra බන්ධනාගාරයෙන් නිදහස් කර තිබෙනවා.
Attorney-General Michelle Rowland ගේ ප්‍රකාශකයෙකු තහවුරු කළේ, අද උදෑසන ඔහුගේ ඇප ඉල්ලීම සලකා බලා එය අනුමත කළ බවයි.
Afghanistan යුද පුවත් සම්බන්ධ රහසිගත ලේඛන සොරාගෙන මාධ්‍යයට එළිදරව් කිරීමේ චෝදනා 3 කට වරදකරු වූ ඔහුට, 2024 මැයි මාසයේදී වසර 5 ක සහ මාස 8 ක උපරිම සිරදඬුවමක් නියම වුණා. ඒ අනුව ඔහු නිදහස ලබන්නේ තමාට හිමිව තිබූ මාස 27 ක අවම සිරදඬුවම් කාලය සම්පූර්ණ කිරීමෙන් පසුවයි.


