ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් නිලධාරීන්ට එරෙහිව එල්ල වූ චෝදනාවලින් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක්, කිසිදු විමර්ශනයකින් තොරව ඉවත් කිරීමට ඔවුන් සතු විශේෂ බලතල භාවිත කර ඇති බව වාර්තා වනවා.

2026 June 30 වනදායින් අවසන් වූ පස් වසරක කාලය තුළ AFP නිලධාරීන්ට එරෙහිව චෝදනා 1213 ක් ලැබී ඇති අතර, ඉන් චෝදනා 643 ක්ම පනතේ 40TF වගන්තිය යටතේ ක්‍රියාත්මක වූ කොමසාරිස්වරයාගේ අභිමතය පරිදි අතහැර දමා තිබෙනවා. එම කාලසීමාව තුළ සත්‍ය බවට තහවුරු වී ඇත්තේ චෝදනා 63 ක් පමණයි.

මෙම ක්‍රියාපටිපාටිය පිළිබඳව අදහස් දක්වමින් ස්වාධීන සෙනෙට් මන්ත්‍රී Lidia Thorpe සඳහන් කරන්නේ, පොලිසිය විසින්ම පොලිසියේ වැරදි සෙවීම කිසිසේත්ම විශ්වාසදායක නොවන බැවින් මේ සඳහා ස්වාධීන විමර්ශන ආයතනයක අවශ්‍යතාව මතු වී ඇති බවයි. කෙසේ වෙතත්, අදාළ බලතල භාවිත කිරීමේදී නිසි ලෙස වාර්තා තබා නොමැති බවට Commonwealth Ombudsman ආයතනය ද පෙන්වා දී තිබෙනවා.