ChatGPT තාක්ෂණය හිමි OpenAI සහ Apple වැනි ප්‍රමුඛ පෙළේ සමාගම් නියෝජනය කරමින් AI තාක්ෂණයේ වේගවත් වර්ධනය, භාවිතය සහ ඒ හරහා මතුවන අවදානම් පිළිබඳව සොයා බැලීමට South Australia ප්‍රාන්ත රජය විසින් රාජකීය කොමිසමක් පත් කර තිබෙනවා.
South Australia ප්‍රාන්තයේ අගමැතිවරයා වන Peter Malinauskas සඳහන් කළේ AI තාක්ෂණයේ පවතින වාසි ලබාගන්නා අතරම, පසුව පසුතැවීමට සිදු නොවන අයුරින් වගකීම්සහගත ලෙස කටයුතු කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවයි. විශේෂයෙන්ම පාසල්, කර්මාන්ත, සෞඛ්‍ය මෙන්ම කලා හා සංස්කෘතික ක්ෂේත්‍රයන්හි AI භාවිතය සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් පැවැතීම අත්‍යවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මීට පෙර ළමුන් සඳහා Social Media තහනම් කිරීමට අදාළව SA රජය ගත් ක්‍රියාමාර්ගය ජාත්‍යන්තරයේ පවා අවධානයට ලක්වූ අතර, මෙම රාජකීය කොමිසමද එම ආකාරයෙන්ම කටයුතු කරනු ඇති. ලබන මාස දෙක ඇතුළත සාක්ෂි කැඳවීම ආරම්භ කරන කොමිසමේ අවසන් වාර්තාව ලබන වසරේ ජූලි 1 වනදාට පෙර ලබාදීමට නියමිතයි.



