ප්‍රකට මාධ්‍යවේදී Alan Jones ට එරෙහිව පැවැත්වෙන අධිකරණ නඩු විභාගයේදී, තමන්ට සිදුවූ බව කියන ලිංගික අතවර සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩකයෙකු සාක්ෂි ලබාදී තිබෙනවා.

වයස අවුරුදු 85 ක් වන Alan Jones තමන්ට එල්ල වී ඇති ලිංගික අතවර සහ කැමැත්තෙන් තොරව ශාරීරිකව ස්පර්ශ කිරීම ඇතුළු චෝදනා 22 ටම නිවැරදිකරු බවයි අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ. 2003 සහ 2020 අතර කාලය තුළ Sydney සහ NSW Southern Highlands හිදී මෙම අතවර සිදුවූ බවට පුද්ගලයන් හයදෙනෙකු චෝදනා කර තිබෙනවා.

අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම හිටපු ක්‍රීඩකයා සඳහන් කළේ, Alan Jones තමන්ට මුදල් සහ තෑගි ලබා දුන් බවත්, එම කාලසීමාව තුළ තමන්ට අකමැත්තෙන් මුහුණ දීමට සිදු වූ ලිංගික අතවර හේතුවෙන් එම සම්බන්ධතාවය පළුදු වූ බවත්ය. කෙසේ වෙතත්, වසර ගණනාවකට පෙර සිදුවූ මෙම සිදුවීම්වල කාලරාමුව සම්බන්ධයෙන් යම් යම් පරස්පරතා පවතින බව විත්තියේ නීතිඥවරියගේ හරස් ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පිළිගෙන තිබෙනවා. මුදල් ලබාගැනීමේ අරමුණින් මෙම චෝදනා එල්ල කළ බවට නැගුණු චෝදනා ප්‍රතික්ෂේප කළ ඔහු, තමන්ට අවශ්‍ය වන්නේ සාධාරණ අධිකරණ තීන්දුවක් පමණක් බවයි අවධාරණය කළේ.