තමන්ගේ රජය හිටපු අගමැති Bob Hawke ගේ පාලන සමයේ ආදර්ශයන් අනුගමනය කරමින් කටයුතු කරන බව ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese ප්‍රකාශ කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින්ඔහු සඳහන් කළේ, තමන්ගේ කැබිනට් මණ්ඩලය සහ Labor පක්ෂය එක්ව සාමූහිකව කටයුතු කරන ආකාරය Bob Hawke ගේ පාලන සමයට බෙහෙවින් සමාන බවයි.

කෙසේ වෙතත්, Anthony Albanese තරුණ අවධියේදී Bob Hawke ගේ පාලන සමයේ සිදුකළ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ විශ්වවිද්‍යාල නොමිලේ අධ්‍යාපනය අහෝසි කර HECS ක්‍රමය හඳුන්වාදීම දැඩි ලෙස විවේචනය කළ අයෙකු වන අතර, එකල Labor පක්ෂය තුළ සිටි ප්‍රබලතම විවේචකයෙකු ලෙසද ඔහු ප්‍රකටව සිටියා.