One Nation පක්ෂය පරාජය කිරීම "ඉතිහාසයට ඉටු කරන යුතුකමක්" බව ඕස්ට්‍රේලියානු අගමැති Anthony Albanese ප්‍රකාශ කරනවා. Queensland Labor පක්ෂය හමුවේ අදහස් දක්වමින් අගමැතිවරයා සඳහන් කළේ අතිශය අනතුරුදායක දේශපාලනයක නිරත වන මෙම පක්ෂය ඕනෑම වියදමක් දරා පරාජය කළ යුතු බවයි.

One Nation පක්ෂය අසත්‍ය තොරතුරු පතුරුවමින් ජනතාව බෙදා වෙන් කිරීමට කටයුතු කරන බවටත්, සේවක අයිතිවාසිකම් කැපීමට උත්සාහ කරන බවටත් අගමැතිවරයා චෝදනා කළා.

කෙසේ වෙතත්, මෙම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන One Nation පාර්ලිමේන්තු මන්ත්‍රී Barnaby Joyce, අගමැති Albanese ජනතාවට අසත්‍ය පවසමින් ඔවුන්නොවුන් කොටවීමට උත්සාහ කරන බව ප්‍රකාශ කළා.

එමෙන්ම, නවතම ජනමත විචාරණයට අනුව, Labor පක්ෂය 29%ක සහයෝගයක් ලබා ගනිද්දී One Nation පක්ෂය 26%ක් දක්වා තම සහයෝගය ඉහළ නංවා ගැනීමට සමත්ව තිබෙනවා.