Albanese රජය ඉදිරි වසර කිහිපය තුළ තවත් සංක්‍රමණිකයින් මිලියනයක් ඕස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේ රහස් සැලසුමක නිරත වන බවට One Nation පක්ෂ නායිකා Pauline Hanson චෝදනා කරනවා.

ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින්ඇය කියා සිටියේ, ආගමන හා විගමන අමාත්‍ය වන Tony Burke සංක්‍රමණික සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන නොමැති බවයි. පවතින නිවාස හිඟය, ඉහළ යන ගෙවල් කුලී, අඩු වේතන සහ රෝහල් පද්ධතියේ පවතින තදබදය සඳහා මෙම අසීමිත සංක්‍රමණිකයන් පැමිණීම සෘජුවම බලපා ඇති බව ඇය පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් NDISහි අමාත්‍ය Jenny McAllister සඳහන් කළේ, රජයේ ප්‍රතිපත්ති තීරණය කරන්නේ One Nation පක්ෂයේ මතයන් මත නොව ජාතික අවශ්‍යතාවලට මුල්තැන දෙමින් බවයි.

ඉදිරි සති දෙක තුළ ආගමන හා විගමන අමාත්‍ය

Tony Burke විසින් සංක්‍රමණික ප්‍රතිපත්තිය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත අතර, එහිදී විදේශික පවුල් සඳහා වන වීසා බලපත්‍ර සහ කුසලතා පූර්ණ සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් නව නීති හඳුන්වා දීමට නියමිතයි.