Amazon Australia ඔන්ලයින් වෙළඳසැල හරහා අලෙවි කළ සෙල්ලම් බඩුවක් හුස්ම හිරවීමේ දැඩි අවදානමක් හේතුවෙන් වෙළඳපොළෙන් ඉවත් කරගැනීමට පියවර ගෙන තිබෙනවා.
Qinbeer සමාගම මගින් නිෂ්පාදිත Montessori වර්ගයේ මෙම සෙල්ලම් බඩුවේ පවතින සිලිකන් රැහැන් දිගින් වැඩිවීම සහ එහි ඇති කුඩා කොටස් ගැලවී යාමේ හැකියාව නිසා, කුඩා දරුවන්ගේ උගුරේ සිරවී හුස්ම හිරවීමේ (choking hazard) අවදානමක් පවතින බවයි Australian Competition and Consumer Commission (ACCC) ආයතනය පෙන්වා දෙන්නේ.
2025 ජූලි 31 වනදා සිට 2026 ජූලි 1 දක්වා කාලය තුළ China හි Shenzhen Qinbeier Trading සමාගම විසින් නිෂ්පාදනය කර Amazon ඔන්ලයින් අඩවිය හරහා අලෙවි කරන ලද මෙම සෙල්ලම් බඩුව, වහාම භාවිතයෙන් ඉවත් කර විනාශ කරන ලෙස දෙමාපියන්ට උපදෙස් ලබාදී තිබෙනවා. එමෙන්ම, අදාළ නිෂ්පාදනය වෙනුවෙන් මුදල් ආපසු ලබාගැනීමේ පහසුකම ද පාරිභෝගිකයින්ට සලසා දී ඇති බවයි වාර්තා වන්නේ.



