ඕස්ට්‍රේලියාවට පැමිණෙන ශිෂ්‍ය සහ සංක්‍රමණික වීසා සීමා කරමින් වාර්ෂික ශුද්ධ සංක්‍රමණික සංඛ්‍යාව 180,000 දක්වා අඩු කළ හැකි බවට Liberal පක්ෂයේ Andrew Bragg සිදුකළ ප්‍රකාශය තම පක්ෂයේ නිල ප්‍රතිපත්තිය නොවන බව Liberal පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ප්‍රකාශ කර තිබෙනවා.
ජාතික මාධ්‍ය හමුව අමතමින් සෙනෙට් මන්ත්‍රී Andrew Bragg පැවසුවේ international students, සංක්‍රමණික වීසා සහ post-study work visa සීමා කිරීමෙන් පවතින නිවාස හිඟයට විසඳුම් සෙවිය හැකි බවයි.
කෙසේ වෙතත්, Angus Taylor ගේ ප්‍රධානත්වයෙන් යුත් Shadow Cabinet එක මගින් මීට අදාළ නිල තීරණයක් ගෙන නොමැති බවත්, මෙය Bragg ගේ පෞද්ගලික අදහසක් පමණක් බවත් Liberal පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරනවා.
මේ අතර, පවතින නිවාස අර්බුදයට විසඳුමක් ලෙස සංක්‍රමණිකයන් පැමිණීම සීමා කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය සහ One Nation පක්ෂය අතරද මේ වන විට සංවාදයක් නිර්මාණය වී ඇති අතර, නිල සංක්‍රමණික සීමාවන් පිළිබඳ තීරණය ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.


