APT Strategy ආයතනය බඳවැටීම නිසා ඩොලර් මිලියන 160 ක විශ්‍රාම වැටුප් අරමුදල් අහිමි වූ ඕස්ට්‍රේලියානුවන් 600 දෙනෙකුට නැවතත් තම මුදල්වලින් කොටසක් ලබාගැනීමේ බලාපොරොත්තුවක් මතුව තිබෙනවා.

පසුගිය වසරේ Australian Fiduciaries Ltd ආයතනය සමාගම බිඳවැටීමත් සමග, ඊට පිටුපසින් සිටි APT Strategy සමාගමේ ලියාපදිංචිය ද අවලංගු වුණා. මේ නිසා වින්දිතයින්ට වන්දි ලබාගැනීමේ ක්‍රමවේදය අහිමි වී තිබුණා. කෙසේ වෙතත්, නීතිමය පියවර ඔස්සේ APT සමාගමේ ලියාපදිංචිය නැවත ලබාගැනීමට හැකිවීමත් සමග Australian Financial Complaints Authority  ආයතනය එහි සාමාජිකත්වය මාස 12 කට නැවත ලබාදීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණයත් සමග විපතට පත් ආයෝජකයින්ට AFCA වෙත පැමිණිලි ඉදිරිපත් කර, CSLR ක්‍රමය යටතේ ඩොලර් 150,000 දක්වා වන උපරිම වන්දිය සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව හිමිවන බවයි වාර්තා වන්නේ. AFCA නියෝජිතයින් සඳහන් කරන්නේ අදාළ සාමාජිකත්වය බලපවත්වන කාලය තුළ හැකි ඉක්මනින් තම පැමිණිලි ඉදිරිපත් කරන ලෙසයි.