Armadale හි High Street ප්‍රදේශයේ පිහිටි ස්ථානයකදී දෘෂ්‍යාබාධිත 64 හැවිරිදි පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය මහජන සහය පතනවා.
පසුගිය සෙනසුරාදා රාත්‍රී 7.00 ට මෙම පුද්ගලයා වෙත පැමිණි නාඳුනන තැනැත්තෙකු, ඔහු ඉවත් වන ලෙසට කළ ඉල්ලීම් නොසලකා මුහුණට වාර 12 කට ආසන්න ප්‍රමාණයක් පහර දී ඇති බවයි වාර්තා වන්නේ. මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයාගේ මුහුණට හානි සිදුව ඇති අතර, ඔහුගේ ඩොලර් 5000 ක් පමණ වටිනා කෘතිම ඇසට හා ඇස්කණ්ණාඩි යුගලටද හානි වී තිබෙනවා.
සංකේතනාත්මක තොරතුරුවලට අනුව, වයස අවුරුදු 30 ගණන්වල පසුවන, තට්ටය සහිත, කෙටි කළු රැවුලක් ඇති මෙම සැකකරු සිද්ධියෙන් පසු කාන්තාවක සමග Orrong Road දෙසට පලා ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
සැකකරු හඳුනා ගැනීමට පොලීසිය විසින් ඡායාරූපයක් ද නිකුත් කර ඇති අතර, මේ පිළිබඳව යම් තොරතුරක්, CCTV හෝ Dashcam දර්ශන ඇත්නම් Crime Stoppers හි 1800 333 000 අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනවා.



