AI තාක්ෂණය නිසා බලපෑම් එල්ල වේ යැයි බියෙන් ආයෝජකයින් අතහැර දමා තිබූ ඕස්ට්‍රේලියානු Atlassian තාක්ෂණික සමාගමේ කොටස් මිල ගණන් එකවරම 32% කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ, වසර දෙකකට පසුව එම සමාගම ලැබූ ප්‍රථම ත්‍රෛමාසික ලාභය වාර්තා කිරීමත් සමඟයි.

Nasdaq හි ලියාපදිංචි Atlassian සමාගම 2026 මුල්‍ය වර්ෂයේ IV වන ත්‍රෛමාසිකය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 139ක ශුද්ධ ලාභයක් වාර්තා කර තිබෙනවා. ChatGPT සහ Claude වැනි AI වැඩසටහන් නිසා Atlassian වැනි මෘදුකාංග සමාගම්වලට පැවැත්මක් නැතිවේ යැයි පැවැති සැකය මෙම සාර්ථක ප්‍රතිඵලයත් සමඟ පහව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, සමාගමේ නිර්මාතෘ Mike Cannon-Brookes සඳහන් කළේ සිය සමාගම නැවතත් නිවැරදි මාවතට පැමිණ ඇති බවයි. ඔහු Atlassian සමාගමේ ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් වටිනා කොටස් නැවත මිලදී ගැනීමටද පියවර ගෙන තිබෙනවා.

කෙසේවෙතත්, AI තාක්ෂණය වෙනුවෙන් කෙරෙන ආයෝජන වැඩි කිරීමේ අරමුණින් Atlassian සමාගම සිය සේවකයින් 1,600 දෙනෙකු රැකියාවලින් ඉවත් කිරීමටද තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.