අඟහරුවාදා පස්වරු 2.05 ට පමණ Auburn හි පිහිටි නිවසක පොදු රථගාලක සෙල්ලම් කරමින් සිටි මෙම කුඩා දැරිය, එම පරිශ්‍රයට ඇතුළු වූ මෝටර් රථයක ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ දැරිය Westmead Hospital වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් 27 හැවිරිදි මෝටර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන Auburn Hospital වෙත යොමු කර ඇත්තේ අනිවාර්ය පරීක්ෂණ සඳහායි. මෙම රියදුරා මියගිය දැරියගේ පවුලේ අය දන්නා හඳුනන අයෙකු නොවන බවද වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මරණ පරීක්ෂකවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි.



