Kate Ceberano, Tina Arena සහ AFL ක්‍රීඩක Dustin Martin වැනි ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ තරු රැසකගේ ප්‍රතිරූපය කළමනාකරණය කළ 66 හැවිරිදි ප්‍රකට කළමනාකරු Ralph Carr ස්ත්‍රී දූෂණ චෝදනාවලට වරදකරු වී තිබෙනවා.
ඔහුගේ මානසික සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් පසුගිය වසර තුන පුරා ඔහුගේ නම සහ මෙම ලිංගික අපරාධ පිළිබඳ තොරතුරු මාධ්‍යයට හෙළි නොකර සඟවා තබා ගැනීමට ඔහු නීතිමය සටනක නිරත වුණා. කෙසේ වෙතත්, එම තහනම් නියෝගය ඉවත් කිරීමත් සමඟ මූලික තොරතුරු මෙලෙස අනාවරණය වී තිබෙනවා.
2023 මාර්තු 24 වනදා Melbourne හි පිහිටි ඔහුගේ නිවසේදී කාන්තාවකට බරපතල ලෙස ලිංගික අතවර කිරීම සහ ඇය දෙවරක් දූෂණය කිරීම යන චෝදනා සම්බන්ධයෙන් ජූරි සභාව විසින් ඔහුව වරදකරු කර තිබෙනවා.
දැනට බන්ධනාගාරගත කර සිටින Ralph Carr, මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කරමින් සිටින අතර, දඬුවම් නියම කිරීමට පෙර පැවැත්වෙන නඩු විභාගය තෙක් ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව පසුවන බවයි වාර්තා වන්නේ



