නව Fremantle Traffic Bridge පාලම සැලසුම් කළ කාලයට මාස කිහිපයකට පෙර, එනම් මේ වසර අවසන් වීමට පෙර එය ජනතා අයිතියට පත් කිරීමට නියමිත බව වාර්තා වනවා. WA හි නියෝජ්‍ය අගමැති Rita Saffioti සඳහන් කළේ පාලම ඉදිකිරීමේ කටයුතු ඉතා වේගයෙන් සිදුවූ අතර, මාස 12 ක කාලයක් පාලම වසා තැබීමට නියමිතව තිබුණද නත්තල් උත්සවයට පෙර එය ගමනාගමනය සඳහා විවෘත කිරීමට හැකිවනු ඇති බවයි.
පැරණි ලී පාලම වෙනුවට ඩොලර් මිලියන 596 ක පිරිවැයකින් ඉදිකෙරුණු මෙම නව පාලම, Australia හි ඉදිකළ පළමු "extradosed" වර්ගයේ පාලම වන අතර, එහි මංතීරු, පදිකයන් සඳහා වැඩි ඉඩකඩක් මෙන්ම බෝට්ටු ගමනාගමනය සඳහා වැඩි උසකින් යුක්තව නිමවා තිබෙනවා.
පාලම වසා තැබීම හේතුවෙන් ප්‍රදේශයේ ව්‍යාපාරවලට සහ රථවාහන ගමනාගමනයට යම් බලපෑමක් එල්ල වුවද, අමතර බස් සහ දුම්රිය සේවා යෙදවීම ඇතුළු ප්‍රවාහන කළමනාකරණ ක්‍රියාමාර්ග නිසා එම ගැටලු සාර්ථකව පාලනය කිරීමට බලධාරීන්ට හැකිවී තිබෙනවා. එමෙන්ම මෙම කාලසීමාව තුළ Fremantle Harbour හරහා සිදුවූ භාණ්ඩ ප්‍රවාහනයෙන් වැඩි ප්‍රමාණයක් දුම්රිය මාර්ග ඔස්සේ සිදුකිරීමට පියවර ගැනීම නිසා මාර්ගවල පැවැති ලොරි රථ ගමනාගමනයද සැලකිය යුතු ලෙස අඩුකර ගැනීමට හැකිවී ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රදේශවාසීන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේද දැඩි සහයෝගය මැද ඉදිකිරීම් අවසන් වෙමින් පවතින මෙම නව පාලම විවෘත කිරීම වෙනුවෙන් විශේෂ සමරු උත්සවයක් සංවිධානය කිරීමටද සැලසුම් කර තිබෙනවා



