ඕස්ට්‍රේලියානු රාජ්‍යය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයයේ අසුනක් දිනාගැනීම සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමේ මෙහෙයුම ආරම්භ කර තිබියදී, මෙරට බන්ධනාගාරගත කර සිටින ස්වදේශික දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යාම සම්බන්ධයෙන් UN සංවිධානයේ දැඩි අවධානය යොමුව තිබෙනවා.
අග්‍රාමාත්‍ය Anthony Albanese විසින් New York නුවරදී මෙම නිල ප්රචාරක වැඩසටහන ආරම්භ කළ අතර, ඊට Indigenous Australians Minister Malarndirri McCarthy ද එක්වුණා. එහිදී ඇය සඳහන් කළේ ලොව පැරණිතම සංස්කෘතිය හිමි ඕස්ට්‍රේලියාව වෙත ආරක්ෂක මණ්ඩලයේ අසුන සඳහා සහය දක්වන ලෙසයි.
කෙසේ වෙතත්, UN Racial Discrimination කමිටුව මගින් හදිසි නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ස්වදේශික දරුවන්ට අධ්‍යාපනය, සෞඛ්‍යය සහ නිවාස පහසුකම් අහිමි වීම නිසා ඔවුන් අපරාධ සඳහා යොමුවීමේ සහ අත්අඩංගුවට පත්වීමේ අවදානම ඉහළ ගොස් ඇති බවයි. වයස අවුරුදු 10ක ළමයින් පවා අපරාධ වගකීම් යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්ද එම කමිටුව චෝදනා කරනවා.
වාර්තාවලට අනුව ඕස්ට්‍රේලියාවේ ළමා බන්ධනාගාර ජනගහනයෙන් 60% ක්ම ස්වදේශික තරුණයින් වන අතර, එය සාමාන්‍ය තරුණ පිරිසට වඩා 21 ගුණයක ඉහළ අගයක්. මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය Anthony Albanese සඳහන් කළේ ස්වදේශික ජනතාවගේ අවාසිදායක තත්ත්වය තමන් පිළිගන්නා අතර Closing the Gap වැඩසටහන හරහා නිවාස, අධ්‍යාපනය සහ සෞඛ්‍ය පහසුකම් නැංවීමට ඩොලර් බිලියන ගණනක ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටින බවයි. 2029 සහ 2030 වසර සඳහා Security Council හි තාවකාලික අසුන් දෙක වෙනුවෙන් දැනට නාමයෝජනා ඉදිරිපත් කර ඇත්තේ ඕස්ට්‍රේලියාව සහ ෆින්ලන්තය පමණයි.



