ඕස්ට්‍රේලියාවේ වාහන රක්ෂණ ගාස්තු ශීඝ්‍රයෙන් ඉහළ යාමට බලපාන හේතු පිළිබඳව රක්ෂණ සමාගම් විසින් පාරිභෝගිකයින් නිසි ලෙස දැනුවත් නොකරන බව Australian Securities and Investments Commission ආයතනය පවසනවා.

2025 ජූලි මාසයෙන් අවසන් වූ මාස 12 තුළ පමණක් වාහන රක්ෂණ ගාස්තු 8% කින් ඉහළ ගොස් ඇති අතර, 2019 සහ 2024 අතර කාලය තුළ එය 42% කටත් වඩා වැඩි වී තිබෙනවා. කෙසේ වෙතත්, මෙම මිල ගණන් වැඩිවීමට හේතු සහ වාරික වශයෙන් ගෙවීමේදී අමතර මුදලක් වැයවන බව පාරිභෝගිකයින්ට පැහැදිලි කිරීමට රක්ෂණ සමාගම් අපොහොසත් වී ඇති බවයි ASIC ආයතනය පෙන්වා දෙන්නේ.

රක්ෂණ වාරික ගාස්තු වැඩිවීමට එරෙහිව සමාගම් සමඟ සාකච්ඡා කළ පාරිභෝගිකයින්ගෙන් 31% කගේ ගාස්තු අඩුකර ගැනීමට හැකිවී ඇති බැවින්, අලුත් කිරීමට පෙර වෙනත් සමාගම්වල මිල ගණන් සමඟ සැසඳීමට සහ රක්ෂණ සමාගම සමඟ කතාබහ කිරීමට පාරිභෝගිකයින්ට උපදෙස් දෙනවා. මේ අතර, අමතර කොටස් මිල ඉහළ යාම සහ අලුත්වැඩියා වියදම් වැඩිවීම මෙම මිල ගණන් ඉහළ යාමට හේතුවූ බවයි Insurance Council of Australia ආයතනය සඳහන් කරන්නේ.