Blue Mountains හි Darling Causeway ප්‍රදේශයේදී Sedan වර්ගයේ මෝටර් රථයක් සහ Semi-trailer වර්ගයේ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ බිහිසුණු අනතුරකින් 25 හැවිරිදි කාන්තාවක් බරපතළ තුවාල ලබා තිබෙනවා.
අනතුරින් මෝටර් රථය තුළ සිරවී සිටි ඇයව මුදාගැනීමෙන් අනතුරුව හෙලිකොප්ටර් යානයක් මගින් Westmead Hospital වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. එම රථයේ ගමන් කළ 22 හැවිරිදි තරුණයා ද තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
ලොරි රථයේ රියදුරාට හානියක් සිදුවී නොමැති අතර, පරීක්ෂණ සඳහා ඔහුවද රෝහල්ගත කර තිබෙනවා. අනතුරත් සමඟ Great Western Hwy සහ Bells Line of මාර්ග අතර Darling Causeway මාර්ගය වසා දැමීමට බලධාරීන් පියවර ගත්තා.


