ඕස්ට්‍රේලියාවේ පවතින උද්ධමනය සහ ඉහළ පොලී අනුපාත හමුවේ දැඩි ජීවන වියදම් අර්බුදයකට මුහුණ දී සිටින මිලියන සංඛ්‍යාත ජනතාව, මුදල් ඉතිරි කර ගැනීම සඳහා කල්ඉකුත් වූ ආහාර පවා පරිභෝජනය කිරීමට පෙළඹී ඇති බව නවතම වාර්තාවකින් හෙළි වෙනවා.
Finder ආයතනය විසින් කරන ලද පර්යේෂණයකට අනුව, ඕස්ට්‍රේලියානු වැසියන්ගෙන් 14% ක් කල්ඉකුත් වූ ආහාර ලබා ගන්නා අතර, 4% ක පිරිසක් self-serve checkouts මගින් භාණ්ඩ ලබා ගැනීමේදී ඒවායේ මිල ගණන් අඩු වෙනත් භාණ්ඩ ලෙස ස්කෑන් කර ඇති බවයි සඳහන් වන්නේ. ඊට අමතරව සියයට 2% ක පිරිසක් සූපර්මාර්කට් වලින් ආහාර ද්‍රව්‍ය සොරකම් කිරීමට පවා පෙළඹී තිබෙනවා.
සතියකට සාමාන්‍යයෙන් පවුලක් සිල්ලර ආහාර ද්‍රව්‍ය සඳහා ඩොලර් 206 ක් පමණ වියදම් කරන අතර, ආර්ථික පීඩනය හමුවේ ජනතාව අඩු මිලැති වෙළඳසැල් සන්නාම සහ ඍතුමය එළවළු, පලතුරු මිලදී ගැනීමට වැඩි වශයෙන් පෙළඹී සිටිනවා.
RBA ආයතනයෙහි අනතුරු ඇඟවීම්වලට අනුව උද්ධමනය පාලනය වීමට තවත් කාලයක් ගතවනු ඇති බැවින්, ජනතාවට තම මාසික වියදම් කළමනාකරණය කර ගැනීමට අනෙකුත් ගෘහස්ත බිල්පත් පාලනය කරන ලෙසයි මූල්‍ය විශේෂඥයන් උපදෙස් දෙන්නේ.



