Middle East කලාපයේ පවතින උණුසුම්කාරී තත්ත්වය හමුවේ, ඉදිරි නත්තල් සමයේ යුරෝපය බලා සංචාරය කිරීමට සැලසුම් කරන ඔස්ට්‍රේලියානුවන්ට තමන්ගේ සංචාරක රක්ෂණ ආවරණ පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන ලෙස Smartraveller ආයතනය දැනුම් දෙනවා.

Middle East හි පවතින හමුදාමය ප්‍රහාර සහ ප්‍රතිප්‍රහාර හමුවේ එම තත්ත්වය තවදුරටත් වර්ධනය වීමේ අවදානමක් පවතින බවයි Smartraveller ආයතනය අගෝස්තු 12 වනදා නිකුත් කළ නවතම නිවේදනයේ දක්වා ඇත්තේ.

ඒ අනුව, Qatar, Saudi Arabia සහ UAE වැනි අත්‍යවශ්‍ය නොවන සංචාරක හෝ සංක්‍රමණික මාර්ග භාවිතයෙන් වළකින ලෙසට ඔවුන් උපදෙස් ලබා දී තිබෙනවා.

සංසන්දනාත්මක විශ්ලේෂණයකදී හෙළිවී ඇත්තේ බොහෝ සංචාරක රක්ෂණ ආවරණවල යුදමය තත්ත්වයන් මඟින් සිදුවන පාඩුවලදී වන්දි ගෙවීම් ආවරණය නොවන බවයි. එමෙන්ම Middle East හි රැඳී සිටින ඔස්ට්‍රේලියානුවන්ට හැකි ඉක්මනින් වාණිජ ගුවන් ගමන් ඔස්සේ එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙසද Smartraveller ආයතනය වැඩිදුරටත් උපදෙස් දෙනවා.