ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකටම බලපෑම් එල්ල කරමින් දැඩි ශීතල, ප්‍රබල සුළං සහ කුණාටු තත්වයන් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවනවා.

ඇන්ටාක්ටිකාව දෙසින් පැමිණෙන පීඩන අවපාතයක් හේතුවෙන් එළඹෙන සති අන්තය වන විට Western Australia, South Australia, Victoria, NSW, Queensland හි දකුණු ප්‍රදේශය සහ ACT ඇතුළු ප්‍රාන්ත ගණනාවකටම මෙම අධික ශීත කාලගුණය බලපානු ඇති බවයි වාර්තා වන්නේ.

මේ සමඟ ප්‍රබල සුළං, තද වැසි, හිම පතනය මෙන්ම අකුණු සහ කැටවැසි ඇතිවීමේ අවදානමක් පවතින අතර, Victoria හි මධ්‍යම සහ ඊසානදිග ප්‍රදේශවලට මෙන්ම New South Wales ප්‍රාන්තයේ දකුණු ප්‍රදේශයට මිලිමීටර් 50 ත් 100 ත් අතර තද වැසි පතනය විය හැකියි. මෙම අයහපත් කාලගුණයත් සමඟ ගංවතුර තත්ත්වයන් සහ සුළඟින් සිදුවන හානි පිළිබඳවද දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා