නිවසේ විදුලි බිල සහ වෙනත් බලශක්ති වියදම් අවම කරගැනීමට නම්, මුලින්ම ගෘහස්ථ බැටරි සවිකිරීම වෙනුවට නිවැරදි පියවර අනුගමනය කළ යුතු බව ඕස්ට්‍රේලියාවේ Deakin University හි පර්යේෂකයින් පෙන්වා දෙනවා.

ඒ අනුව පළමු පියවර ලෙස නිවසේ Insulation කටයුතු නිසි ලෙස සිදුකර බලශක්ති හානිය අවම කරගැනීමත්, දෙවනුව Solar Panels සවිකර දහවල් කාලයේදීම විදුලිය නිපදවා ගැනීමත් සිදුකළ යුතුයි.

තෙවනුව ගෑස් තාපක වෙනුවට Reverse-cycle air conditioner සහ Heat pump hot water පද්ධති වෙත මාරු විය යුතු අතර, ගෘහස්ථ බැටරියක් සවිකිරීම සිදුකළ යුත්තේ ගෑස් සහ පෙට්‍රල් භාවිතය සම්පූර්ණයෙන්ම නතර කිරීමෙන් පසු අවසාන පියවර ලෙස බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ. මෙලෙස සම්පූර්ණයෙන්ම විදුලි බලයට මාරු වීමෙන් වසරකට ඩොලර් 4,400 කට අධික මුදලක් ඉතිරි කරගත හැකියි.