ඕස්ට්‍රේලියාවේ මාර්ග අනතුරුවලින් පදිකයින් මියයාමේ ප්‍රවණතාව ඉහළ යාමට විශාල ප්‍රමාණයේ වාහන හේතුවක් විය හැකි බව නව ඕස්ට්‍රේලියානු පර්යේෂණයකින් හෙළිවී තිබෙනවා.
Victoria හි 2012 සිට 2025 මැද භාගය දක්වා සිදුවූ පදික අනතුරු 10,376ක් අධ්‍යයනය කරමින් මෙම පර්යේෂණය සිදුකර තිබෙනවා.
එහිදී වාහනයක බර සෑම 100kg කින්ම වැඩිවන විට පදිකයෙකු මියයාමේ අවදානම 6%කින්ද, වාහනයේ උස සෑම 10cm කින්ම වැඩිවන විට එම අවදානම 11%කින්ද ඉහළ යන බව අනාවරණය වී තිබෙනවා.
විශේෂයෙන් UTE සහ ඇමරිකානු මාදිලියේ විශාල pickup රථ සාමාන්‍ය මෝටර් රථවලට සාපේක්ෂව පදික මරණ අවදානම 60%කින් පමණ ඉහළ බවයි පර්යේෂකයින් පවසන්නේ.
වාහන උස වැඩිවීම නිසා අනතුරකදී පදිකයින්ගේ හිස, පපුව සහ ඉහළ ශරීර ප්‍රදේශවලට දැඩි හානි සිදුවීම මීට ප්‍රධාන හේතුවක් බව සඳහන්.
විශාල වාහන භාවිතය පාලනය කිරීම සඳහා බදු සහ ලියාපදිංචි ගාස්තු වාහනයේ ප්‍රමාණයට අනුව වෙනස් කිරීම මෙන්ම විශාල වාහන සඳහා අමතර රියදුරු බලපත්‍ර සීමා හඳුන්වාදීම වැනි පියවර ගත හැකි බව පර්යේෂකයින් යෝජනා කර තිබෙනවා.



