ඕස්ට්‍රේලියාවේ උපත් අනුපාතය අවම මට්ටමකට පහත වැටී තිබීමත් සමඟ, පවුල් සඳහා ලැබෙන රජයේ සහන ප්‍රමාණවත්ද යන්න පිළිබඳව නැවතත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

ප්‍රමුඛ ජනගහන විද්‍යාඥයෙකු වන මහාචාර්ය Peter McDonald පවසන්නේ, ඕස්ට්‍රේලියාවේ පවතින පවුල් බදු ක්‍රමය අසාධාරණ බවත්, පවුල් සඳහා ලැබෙන පවුල් බදු දීමනා වසරින් වසර අඩුවෙමින් පවතින බවයි. ළමුන් සිටින පවුල් සඳහා මීට වඩා යහපත් සහන ලබාදීමේ ක්‍රමවේදයක් සකස් විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ අතර ළදරු උපත් අනුපාතය ඉහළ නැංවීම, ළමා සුරැකුම් සහන සහ සංක්‍රමණික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් Coalition, Labor සහ One Nation යන දේශපාලන පක්ෂ අතරද වෙනස් මතවාදයන් මතුව තිබෙනවා.

එමෙන්ම තාවකාලික සංක්‍රමණ සීමා කර ස්ථිර සංක්‍රමණ සඳහා වැඩි ප්‍රමුඛතාවයක් ලබාදීම රටේ ඉදිරි ගමනට වැදගත් වන බවයි මහාචාර්ය Peter McDonald වැඩිදුරටත් සඳහන් කරන්නේ.