චීනය සහ ඕස්ට්‍රේලියාව අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් අවදානම් සහ බිඳෙනසුලු මට්ටමක පවතින බව චීනයේ හිටපු ඕස්ට්‍රේලියානු තානාපති Graham Fletcher පවසනවා. Lowy Institute වෙනුවෙන් වාර්තාවක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, ජාතික ආරක්ෂක සහ දේශපාලනික අරමුණු එකිනෙකට වෙනස් වීම නිසා දෙරට අතර සමීප සබඳතාවක් ගොඩනැගීම අභියෝගාත්මක බවයි.
එමෙන්ම Port of Darwin හි පාලනය නැවත ලබා ගැනීමට ඕස්ට්‍රේලියාව ගන්නා උත්සාහය, Taiwan අර්බුදය සහ Pacific Islands හි පවතින බලපෑම හමුවේ ඉදිරියේදී දෙරට අතර මතභේද තවත් උග්‍ර විය හැකි බවටද Fletcher වැඩිදුරටත් අනතුරු අඟවනවා.
චීනය සහ ඕස්ට්‍රේලියාව අතර දකුණු චීන මුහුද මුල් කරගනිමින් මෑතකදී ඇති වූ රාජ්‍යතාන්ත්‍රික මතභේද හමුවේ, දෙරට අතර සබඳතා තවදුරටත් අවදානම් මට්ටමක පවතින බවට අනතුරු ඇඟවීම් එල්ල වී තිබෙනවා.



