ස්වේච්ඡා මරණ සහන සේවාව ලබාගැනීමට සූදානම් වන පෙනහැලි පිළිකා රෝගී 58 හැවිරිදි Sandra Sarantou නැමැති Adelaide වැසි කාන්තාව, අග්‍රාමාත්‍ය Anthony Albanese ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.
Commonwealth Criminal Code එකට අනුව, දුරස්ථව සිටින රෝගීන්ට දුරකථන, ඉන්ටර්නෙට් හෝ වීඩියෝ තාක්ෂණය හරහා VAD ඖෂධ සහ උපදෙස් ලබාදීමට වෛද්‍යවරුන්ට ඇති නීතිමය බාධාව ඉවත් කරන ලෙසයි ඇය ඉල්ලා සිටින්නේ. මෙම නීතිය නිසා ප්‍රවාහන පහසුකම් නොමැති සහ දුරබැහැර ප්‍රදේශවල සිටින මරණාසන්න රෝගීන් දැඩි ලෙස පීඩාවට පත්වන බව ඇය පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, අග්‍රාමාත්‍ය Anthony Albanese සහ නීතිපති Michelle Rowland පවසන්නේ රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ අයථා භාවිතයන් වැළැක්වීමට වෛද්‍යවරුන් හමුවී කෙරෙන පරීක්ෂණ අත්‍යවශ්‍ය බවයි. මේ ෆෙඩරල් ස්වාධීන මන්ත්‍රී Kate Chaney ඇතුළු දේශපාලනඥයින් පිරිසක් මෙම නීතිය සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට සූදානම් වනවා.



